• SBS සිංහල Newsflash ජූනි 10: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල අධික හිම පතන නිසා සිර වී සිටි පිරිස් මුදා ගැනේ
    2025/06/10
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
    続きを読む 一部表示
    6 分
  • වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමු
    2025/06/10
    ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිවලට අනුගත වීමට අවශ්‍ය කාලය සපයන බව තමයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසන්නේ. මේ නව පනතෙහි වැදගත්කම, එය බලපාන පාර්ශ්ව සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උදෙසා පනත හඳුන්වා දෙන නව ක්‍රමවේද පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    続きを読む 一部表示
    6 分
  • ඕස්ට්‍රේලියාවේ කොරල්පර විනාශ වීමේ අවදානමක් ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි: කාලීන විග්‍රහය ජූනි 10
    2025/06/10
    ජුනි මාසයට යෙදී තිබුන ලෝක සාගර දිනය නිමිත්තෙන් ගෝලීය නායකයින් තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව සඳහා ප්‍රංශය වෙත ගොස් සිටිනවා. ලෝක සාගර දිනය යෙදුන මේ මාසයේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් ඕස්ට්‍රේලියාවේ කොරල්පර වල තත්වය ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
    続きを読む 一部表示
    10 分
  • සමාජ සේවා සඳහා ලබාදෙන ඉහලම සම්මානයෙන් පිදුම් ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයා ගැන තොරතුරු මෙන්න
    2025/06/09
    තම ප්‍රජාවේ අයට සිදුකරන ලද විශිෂ්ට සේවයට හෝ තම ක්ෂේශ්ත්‍රයේ ලබන සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන ගෞරවණීය සම්මානයක් තමයි The Medal of the Order of Australia සම්මානය. මේ වසරේ මෙම සම්මානය General Division යන කාණ්ඩයෙන් ජයග්‍රහණ කිරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයකු සමත් වී තිබෙනවා. මේ සම්මානයෙන් පිදුම් ලද විද්‍යාසගරන් හරන් රාමචන්ද්‍රන් මහතා සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න
    続きを読む 一部表示
    11 分
  • Superannuation ගිණුම් සඳහා වන ලේබර් රජයේ නව බදු ප්‍රතිපත්තිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය ජූනි 09
    2025/06/09
    ඇතැම් superannuation ගිණුම් සඳහා වන බදු පැනවීම සම්බන්ධයෙන් වන ලේබර් රජයේ යෝජනා ගැන සමාජයේ ඇතැම් පිරිස් අතර යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙම බදු පැනවෙන්නේ කොහොමද, බදු පැනවීමේ ප්‍රතිශතය කුමක්ද වැනි කාරණා ගැන වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්
    続きを読む 一部表示
    8 分
  • SBS සිංහල Newsflash ජූනි 09: ඕස්ට්‍රේලියාවේ ඛනිජ, ඇමරිකාවේ බදු අඩුකරන්න යොදාගන්නැයි විපක්ෂයෙන් යෝජනාවක්
    2025/06/09
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
    続きを読む 一部表示
    5 分
  • 'නීතියට අනුව නිදහස් කරපු බහාලුම් 323 ගැන අපි නැවතත් පරීක්ෂණ කරනවා', ශ්‍රී ලංකා රේගුව කියයි: මවුබිමෙන් පුවත්
    2025/06/09
    අද - ජූනි මස 09 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
    続きを読む 一部表示
    8 分
  • 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06
    2025/06/06
    ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
    続きを読む 一部表示
    8 分